අවුරුදු දුර ගමන් බස් පැමිණිලි 147ක්

54

වැඩිම පැමිණිලි වැඩිපුර මුදල් අයකිරීම් ගැන

අලුත් අවුරුදු සමයේ ධාවනය වූ දුර ගමන් සේවා බස් රථවලට එරෙහිව පැමිණිලි 147ක් ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට ඊයේ (17දා) පැවැසුවාය.

මින් වැඩිපුර ම පැමිණිලි ලැබී ඇත්තේ ගමන් ගාස්තුවට වඩා අධික ලෙස මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් බවද ඇය සඳහන් කළාය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි 40ක් පමණ ලැබී ඇතැයිද ඇය කීවාය.

එසේම බස් ගමන් වාර ගැන තොරතුරු විමසීම් 2542ක් සටහන්වී ඇතැයිද ඇය කියා සිටියාය.

1955 නිපුණතා ඇමතුම් ඒකකය වෙත කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන බවද ඇය කීවාය.

අවුරුද්දට ගම්බිම් බලා යෑමට විශේෂ බස් රථ 1500ක් යෙදවූ බවත්, බස් ගමන් වාර 2200ක් ක්‍රියාත්මක වූ බවත් ඇය සඳහන් කර සිටියාය.

මේ අතර ගම්බිම් බලා ගිය මගීජනතාවගේ පහසුව පිණිස යොදවා ඇති විශේෂ අවුරුදු බස් රථ සේවාව ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ද ඇය වැඩිදුරටත් කීවාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment