අවුරුදු හැත්තෑවේදී ඉන්දීය කතක් මවු පදවිය ලබයි

1273

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර ඇත.

මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදිය.

ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරය.

රබාරි හා ඇගේ සැමියා වන මල්ධාරි ගුජරාටයේ මෝරා ගම්මානයේ ජීවත් වෙති. මෙය නළදරු උපතක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ යුවළගේ වෛද්‍යවරයා වන තුරේෂ් බානුෂාල් පවසන්නේ මෙය ඉතාම කලාතුරකින් වාර්තා වූ දරු උපතක් බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment