අතුරුදන්ව තිබූ බොලිවුඩ් සිනමාවට උපත දුන් චිත්‍රපටයේ මුද්‍රණ යන්ත්‍රයක් සොයා ගැනේ

476

බොලිවුඩ් සිනමාවට උපත ලබා දුන් සිනමා පටය සේ සැලකෙන අතුරුදන්ව තිබූ බොලිවුඩ් සිනමාවේ ප්‍රථම කථා නාද චිත්‍රපටය වන “1931 වසරේදී තිරගත වූ අලාම් ආරා” (ලොව ඇති ආභරණය) නමැති චිත්‍රපටයේ පිටපත් මුද්‍රණය කිරීම සඳහා යොදා ගත් යන්ත්‍රය (වින්ටේජ් යන්ත්‍රය) සොයා ගැනීමට මුම්බායි නගරයේ සිනමා ලේඛනාරක්ෂකයන් පිරිසකට හැකි වී තිබේ.

 “අලාම් ආරා” චිත්‍රපටය ප්‍රථම ඉන්දීය කථා නාද චිත්‍රපටය ලෙසද සැලකෙන අතර සංරක්ෂණය කර තිබූ එම චිත්‍රපටයේ අවසන් පිටපත් කිහිපය 2003 වසරේ පුනේ නගරයේ පිහිටි ඉන්දීය ජාතික චිත්‍රපට ලේඛනාරක්ෂකාගාරයේ හටගත් ගින්නකින් විනාශ වී ගොස් තිබූ බවට වාර්තා පළව තිබිණි. කෙසේ වුවද එම චිත්‍රපට ලේඛනාරක්ෂකාගාරයේ නිලධාරීන් පවසා ඇත්තේ එම ලේඛනාරක්ෂකාගාරයේ කටයුතු ඇරඹීමටත් පෙර සිටම අදාළ චිත්‍රපටයේ පිටපත් අතුරුදන්ව තිබූ බවයි. නොබෝදා සොයා ගනු ලැබූ එම චිත්‍රපටයේ පිටපත් ලබා ගැනීමට භාවිත කළ යන්ත්‍රය දැනට එම චිත්‍රපටයට අදාළව පවතින එකම අජීවී උපාංගය බව එය සොයා ගැනීමේ කටයුතුවලට දායක වූ පුරෝගාමියෙකු වන සම්මානලාභී චිත්‍රපට නිර්මාණකරුවෙකු වන ශිවේන්ද්‍ර සිං ඩුන්ගාපුර් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment