බලෙන් ඉඩමක ඉන්න අයගෙන් නුවරඑළියේ ප්‍රා. ලේ ට තර්ජන

55

කූට ලේඛන සකසා අනවසර දේපළක් භුක්ති විඳිමින් සිටි පුද්ගලයකු ඉන් ඉවත් කිරීමට ගිය නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාට සහ ඔහු සමග ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරයි.

විදෙස් ආයෝජකයකු සතු රුපියල් කෝටි 4000ක් වටිනා දේපළක් එම අයෝජකයා අසනීප වී මෙරටින් පිටව ගිය පසු කූට ලේඛන සකසා වෙනත් පුද්ගලයකු අනවසරයෙන් භුක්ති විඳිමින් සිටින බවද, ඔහු විසින් එම දේපළ ආරක්ෂා කිරීමට යොදවා ඇති මුරකරු ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී පසුගිය (13) වැනිදා තමන් ඇතුළු නිලධාරීන්ට මෙසේ තර්ජනය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

එම පැමිණිල්ලට තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන බද ඒ මහතා සඳහන් කරයි.

එම නඩු තීන්දුව අදාළ දේපළ අනවසරයෙන් භුක්ති විඳිමින් සිටි තුප්පහිගෙ උදාර ප්‍රියන්ත යන පුද්ගලයා (13) දිනම අදාළ දේපළෙන් ඉවත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment