ශ්‍රීලනිප 72 සංවත්සරය අද

85

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය් 72 වැනි සංවත්සරය අද (03දා) සවස 2.00 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ.

පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් සංවත්සර උත්සවය පැවැත්වේ.

වත්මන් ආර්ථික තත්ත්වය හා ආරක්‍ෂක හේතූන් මත පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේත් ක්‍රියාකාරී සියලු දෙනාගේත් පහසුව පරිදි කෝට්ටේ සංවත්සර උත්සවය පැවැත්වීමට තීරණය කළ බව පක්‍ෂ මූලස්ථානය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment