අවුල්වුණු සා. පෙළ – උ. පෙළ නිවැරදි කරගනිමු

55

අපි පොඩි කාලෙ ඉරිද ඉස්කොලෙදී පන්සලේ ලොකු හාමුදුරුවො ඉගැන්නුවේ, මොනව අපි හරිහම්බ කළත් මොනව දියුණු කළත් ඒ ඔක්කොම මරණය ආ දිනට දාල යනව කියලා. කළ හොඳ නරක විතරයි ගෙනියන්නෙ කියලා. ඒක නිසා වැඩිපුරම පිං දහම් තමයි කළේ. නුවණ මුහුකුරා යනකොට ජ්‍යොතිෂය ඉගෙන ගන්නකොට අපි එක එක අලුත් දේවල් දැනගත්තා. එනම් කුසලාකුසල සමගින් අප ඉගෙන ගත්ත දේත් එනම් දැනුම නැතිනම් බුද්ධියත් මීළඟ භවයට ගෙනයන බව අවබෝධ වුණා. ඒ දැනුම ලබන ආත්මවලට ගෙනයන්නෙ බුධ ග්‍රහයා මගින් බවත් ඒක ගෙනගියාද නැද්ද කියල දැනගන්නෙ චන්ද්‍රයා මගින් කියලත් දැනගත්තා.

ජ්‍යොතිෂ මූලික පාඩම්වලදී ඉගෙන ගත්තේ අපේ කේන්දරය වටේ තිබෙන රාශි 12 ට සීමා වූ දේවල් විතරයි. මේ ශාස්ත්‍රය ගැඹුරින් හදාරනකොට ඉගෙන ගත්තා බුධ ග්‍රහයා බුද්ධියටත් බ්‍රහස්පති ග්‍රහයා ශිල්පයටත් අධිපති ග්‍රහයො බව. ශිල්ප ස්ථානය එනම් 5 වැනි රාශියට අමතරව තවත් රාශි තිබෙනවා, බුද්ධි ශාස්ත්‍රය අවශෝෂණය කරගෙන ඉන්න.

ඔබ උ.පෙළ, සා. පෙළ විභාග ආරම්භයට කලින් අම්මා හෝ පුංචි අම්මා ඔබේ කේන්දරය පරීක්‍ෂා කර බැලුවා මතකද? ඒකෙ ශිල්ප ස්ථානය පරීක්‍ෂා කළ ජ්‍යොතිෂ මාමාට නියම විස්තර පෙනුණෙ නැහැ. එනිසා ඔබට කිව් විස්තර මදි. ඔබට විෂය දැනුම තිබුනා තමයි. නමුත් ඔබ හිතන ආකාරයටම විභාගය සමත් වුණේ නැත්තේ ඇයි. විෂය දැනුම තිබියදීත් විභාගය අවුල් වුණේ ඇයි. අදටත් ඔබට ඒක රහසක්. අපි ඒ රහස අද හෙළි කර ගනිමු.

ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයක විස්තර නැත්නම් පලාඵල බලන්නෙ මෙන්න මේ ශ්ලෝකයට අනුව. එනම් රාශි 12 මෙසේ විග්‍රහ කරනවා. එනම් “ලග්න ස්ථානා, ධනස්ථානා, සහජ බන්දු, ප්‍රියඃ ශුෘතඃ – ශත්‍රෘ කලතන්ත්‍ර මුත්‍රංශ, ධර්ම කර්ම, අයඃ-වැයඃ” කියන ටික විතරයි. මේ විස්තර මූලික ජ්‍යොතිෂයට සීමා වෙනවා. ඒ ටික මදි, පූර්ණ පලාඵලයකට. අපි සාමාන්‍යයෙන් විවාහය ගැන කියන කොට මුත්‍රංඛය නැත්නම් විවාහක ස්ථානය හා ඒ වටා විස්තර බලනවා. ඒක මදි. විවාහය ගැන බලන කොට දරු සම්පත්, විවාහයෙන් පසු ජීවිතය, අතමිට සරු බව, විවාහක යෝග මේ ඔක්කොම කාම ත්‍රිකෝණයේ අඩංගු වී තිබෙනවා.

ඒ වගේ අපට දැනුම, බුද්ධිය දෙන්න රාශි දෙකක් තිබෙනවා, එකක් නොවේ. ඒ රාශි දෙකේ බුධ, ගුරු ප්‍රාණවත්ව ඉන්න ඕනෑ. නොසිටියොත් අවශ්‍ය විභාග කාලෙට ප්‍රාණවත් කර ගන්ට ඕනෑ. තත්කාල කේන්දරය, 5 වැනි රාශිය, මූලික අධ්‍යාපනය හා 11 වැන්නේ උසස් අධ්‍යාපනයේ කරුණු ගැබ්වී තිබෙනවා. කරුණු කාරණා එහාට මෙහාට පරීක්‍ෂා කරල ගන්නට ඕනෑ. ඒ වගේම අපි දැනගන්ට ඕනෑ බුධ – ගුරු ශිල්පයට, බුද්ධියට අධිපති වුණාට නරකට හිටියොත් අවශ්‍ය වෙලාවට ශිල්පය/දැනුම පටළවනවා. මේ දෙන්නම සුබ ග්‍රහයො. එකකට එකක් දෙවැනි නැහැ. බුධ ආත්මීය ග්‍රහයා බවත් දන්නවනේ. ආත්මයෙන් නැත්නම් භවයෙන් ගෙනෙන දේ ස්ථිරව දෙනවා. අනික මේ කාලෙට කේන්දරයේ සිකුරුගේ ගෝචරය අවමව පවත්වාගන්ට ඕනෑ. මොකද ගුරු – සිකුරු නෛර්සර්ගික හතුරො ජ්‍යොතිෂයේ. බ්‍රහස්පති ශිල්පයට අධිපතියා. සිකුරා කාමයට අධිපතියා. ලෞකික වශයෙන් කාමය බලවත් වුණොත් ශිල්පය පරදවන්ට ඉඩ තිබෙනවා. සිකුරා ලෞකික ග්‍රහයා.

ඔබට කොච්චර දැනුම් භාරයක් තිබිලා, අවශ්‍ය වෙලාවට අමතක වනව නම්, ඒ විභාගයෙන් ඔබ අසමත් වනවා. ඒක කරන්නේ මේ බුධ හා ගුරු හතුරුව සිටියොත් විතරයි.

ආත්මීය භවයන්හි මතකය මේ භවයට ගෙනෙන්ට සමත්වන්නේ බුධ ග්‍රහයා. එහෙනම් ධනු – මීන රාශීන් මේ ගුරුට අයිති ඔබ හා මිථුන – කන්‍යා රාශීන් වලට හිමිකාර බුධ ඔබට හෝ ඔබේ දරුවකුට බලපානවා නම් මේ සටහන ඉතා වැදගත් වේවි.

මේ කරුණු පාරම්පරික ජ්‍යොතිෂ්‍යයේ ගුප්ත කරුණු හා ගුරුමුෂ්ටි උණාට විභාගවලට පෙනී සිටින ළමයින්ට, මේ ගැන විස්තර විවෘත කරන්ට ඕනෑ. එහෙම නොවූ විටෙකදී තමයි දැනුම තිබියදී විභාගය අසමත් වන්නේ.

විභාගයට මාස 2 කට 3 කට කලින් මේ කේන්දරය පරීක්‍ෂා කරවා ගන්න. ඔබේ නිවැරදි ජ්‍යොතිෂවේදියා කරුණු හෙළි කරාවි. විශේෂයෙන් කේන්දරයේ බුධ හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ පිහිටීම, දැක්ම හොඳින් පරීක්‍ෂා කරවා ගන්න. මේ දවස්වලට විශේෂයෙන් සා.පෙළ නම් 5 වැනි රාශියත් බුධ ගුරු පිහිටීමත්, උ.පෙළ නම් 11 වැනි රාශියත් බුධ ගුරු පිහිටීමත් නිවැරදිව පරීක්‍ෂා කරවා ගන්න. මහ දසා බුධ නම් අතුරු දසා ගුරුට නම් හෝ මහ දසා ගුරු නම් අතුරු දසා බුධ නම් ඔන්න ගැටලුව හට ගන්නවා. ඉගෙන ගන්න කාලෙට විශේෂයෙන් විභාග වලට පෙනී සිටින කාලෙට බුධ ග්‍රහයා හා ගුරු ග්‍රහයා හතරු හෝ නීච වෙලා බැහැ. නොමැතිනම් ශප්තම් දෘෂ්ටියට වත් අසුවන්න බැහැ. මේ ප්‍රශ්න, ගැටලු නොමැති උවහොත් ඔබේ ජයග්‍රණය නියතයි.

මේ ග්‍රහයො හතුරු වුණාම හෝ නීච වුණාම තවත් කරන එකක් තමයි ලියන්න ඉක්මන් කරන එක. එහෙම එක පාරට ලියන්ට එපා. නිවැරදි පිළිතුරු එක විලසම හිතට දේවි එතකොට ඔබ ඒක ලියනවා. එහෙම එපා. නිසි පිළිතුර හිතට ආවත් ටිකක් වෙලා කල්පනා කරන්න. එවිට ඒ පිළිතුරු නිවැරදි නොවන බව ඔබට අවබෝධ වේවි. ඊළඟට දෙවන පිළිතුරක් හිතට ඒවි. අන්න ඒ පිලිතුර නිවැරදියි.

ඕනෑම දෙයක් කරන්ට කලබල කරන්නෙ ඔය ග්‍රහලෝකවලින් පරාවර්තනය කරන කිරණ සමූහයා. ඔබ කිසියම් හෝ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන කොට ඒ ලබාදෙන කාලය ඔබට හොඳටම ප්‍රමාණවත්. ලියන්ට එච්චර වෙලාවක් යන්නෙ නැහැ. හිතන්ටයි කාලය යන්නේ. ඒ කිව්වෙ නිවැරදි දේ හිතන්න.

බොහොම ලමයින්ට ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම මේ බුධ ගුරු ප්‍රශ්නයට මුහුණ පාන්න වෙනවා. කොහේවත් නැති හිසේ කැරකිල්ලක් එනවා. ඒක ඔබට කරන්නෙ මේ ග්‍රහ ද්විත්වය, නැත්නම් මේ බුධ හා ගුරු. එතකොට කොළ පාට වැනි ස්ථානයක් දෙස බලන්න. එහෙම කිසි දෙයක් නැති වුණහොත් ලොකු ගසක කොළ දිහා විනාඩි 3 ක් විතර බලා ඉඳලා හිත මෙල්ල කරල නැවත ලියන්ට පටන් ගන්න.

ඔබ විභාගයට යනකොට හැකිතාක් ජ්‍යොතිෂ කරුණු පිළිපදින්න. ඔබ එළියට බහිනකොට, ඔබේ පක්‍ෂියා නිදි හෝ මර වේලාවට එලියට බහින්ට එපා. ඒ දෙවර්ගයටම තියෙන්නෙ දවසට විනාඩි 12 හා 18 පමණකි. එනිසා මේ වෙලාව අතහරින්න. ඔබ ලබාගත් සුබ වේලාවට ගෙදරින් පිටවන්න බලන්න. ඔබට කිව් නවනාථය යන්ත්‍රය පැලැඳ ඉන්නවා නම් ඒක පැලැඳගෙන ඉන්න. බැනියමටත් යටින් දමන්න. ගෙදරින් පිට වුණාම නැවත මඟ රැදෙන්න එපා. කඩයකටවත් යන්ට එපා. වෙලාව වැඩිනම් පාසලටම ගොස් එහි

රැඳෙන්න. වෙලාවට ශාලාවට යන්න. එහෙම නොවුණොත් නැකැත කැඩෙනවා. මේ කරුණු නිවැරදිව කළොත් ඔබ ගොඩම තමයි.

අවුල්වුණු සා. පෙළ - උ. පෙළ නිවැරදි කරගනිමු

පාරම්පරික ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව 0779870007/0722174553

advertistmentadvertistment
advertistmentadvertistment