2024 අයවැය නොවැ.13දා මැතිසබයට

158

2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 21 දා පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. නොවැම්බර් 22 දා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වෙයි. තුන්වැනි වර ඡන්ද විමසීම එදින (13) සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒ සඳහා කථානායක අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට නීතියක් බවට පත් කිරීමට නියමිත අතර දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු වන්නේ නව අයවැය මගිනි.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මෙම වසරේ රුපියල් බිලියන 65ක් පමණ වූ සුබසාධන වියදම බිලියන රුපියල් 185 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment