චීන තෙල් බෙදීම ගිවිසුමක හිරවේ – තෙල් බෙදුම්කරුවෝ කියති

482

මෙරට තෙල් ව්‍යාපාරයට එක්වෙමින් චීන සයිනොපෙක් සමාගම තෙල් තොග ගෙනැවිත් තිබුණත් ඉන්ධන හල් හිමියන් සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් අඩුපාඩු නිසා එම කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුව තිබේ.

දැනට මෙරට තෙල් අලෙවි කිරීමේ නිරත ඉන්ධන හල් එකසිය පනහක් චීන සයිනොපෙක් සමාගමට ලබාදීමට රජය එකඟ වී තිබුණත් ඊට අදාළ ගිවිසුම තමුන්ට අවාසි සහගත යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී.

මේ නිසා දැනට චීන සමාගම මෙරටට ගෙනැවිත්, කොළොන්නාවේ ගබඩාවලට දමා තිබෙන ඉන්ධන ලබන 20 වැනිදා සිට සිපෙට්කෝ ඉන්ධන හල් මගින්ම බෙදාහැරීමට සැලසුම් කර තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටී.

විදෙස් සමාගමක් මෙරට තෙල් වෙළෙඳාමට පිවිසෙන්නේ නම් ඒ අයගේ නමින් (සයිනොපෙක්) පිහිටුවන ඉන්ධනහල්වලින් තෙල් නිකුත් නොකර සිපෙට්කෝ (සීපීසී) නමින් ඇති ඉන්ධන හල්වලින් ඒවා අලෙවි කරන්නේ මන්දැයි ගැටලු සහගත බව එම සංගමය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක සඳහන් වේ.

චීන සයිනොපෙක් සමාගම පෙරේදා (01 දා) ඉන්ධන මෙටි්‍රක් ටොන් 45,000 ක් සහ ඊයේ (02 දා) තවත් ඉන්ධන මෙටි්‍රක් ටොන් ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් කොළොන්නාව පොදු ගබඩාවල තැන්පත් කර ඇත.

මේ අතර තෙල් සංස්ථාව (සීපීසී) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි (සීපීඑස්ටීඑල්) හි ඉහළ තනතුරු දැරූ කිහිපදෙනකුම චීන සයිනොපෙක් සහ ආර් එම් පාර්ක් යන විදේශ තෙල් සමාගම් දෙකේ තනතුරුවලට යෑම සඳහා ඉල්ලා අස්වන්නට පටන්ගෙන ඇතැයි ද තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment