පෙරපාසල් උත්සවයට ගොස් එද්දී නිවසට ගිනි තබලා: අහස පොළොව නුහුලන අපරාධයක්

586

දරුවකුට ලේ වතුර වීමේ රෝගයකුත් තිබෙනවා

කන්තලේ සේරුනුවර සිරිදූව ආදර්ශ ගම්මානයේ තරුණ මවක් තම සිඟිති දරුවාගේ පෙර පාසල් විසිරයෑමේ උත්සවයට සහභාගිවී නැවත නිවසට පැමිණෙනවිට නිවසේ සියලු බඩු බාහිරාදිය එක් කාමරයකට දමා ගිනි තබා ඇති බවට පැමිණිල්ලක් සේරුනුවර පොලිසියට පෙරේදා (19) ලැබී ඇත.

පැමිණිලි කර ඇත්තේ සිරිදූව ගම්මානයේ නිශාදි උදයංගනී (35) දෙදරු මවකි.

ඇය හඬා වැටෙමින් අප හා පවසා සිටියේ කුඩා දරුවා ලේ වතුරවීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර ප්‍රතිකාර ලබාගන්නා ක්ලිනික් කාඩ් දරුවාගේ බෙහෙත් ආදී සියල්ලමත් ගිනි තබා ඇති බවයි. නිවසේ තිබූ සියලුම සකලමනාව ම මෙසේ එක්තැන් කර ගිනි තබා දමා ඇත.

සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩෙනිස් මහතා ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කන්තලේ ඩබ්.එම්.වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment