මතට ලොල්වූ ඇල්පිටිය කොස්තාපල්ගේ වැඩ තහනම්

311

ඇල්පිටිය පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

මෙම කොස්තාපල්වරයාගේ හැසිරීම් රටාව ගැන සැක පහළ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඔහුව වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් පසු ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බවට හෙළිකරගෙන ඇත. ඒ අනුව කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බව ඇල්පිටිය පොලිසිය කියයි.

මෙම කොස්තාපල්වරයාගේ හැසිරීම් රටාව පිළිබඳව පොලිසියට නිතර නිතර ලැබෙන තොරතුරු අනුව මෙසේ ඔහුව සෞඛ්‍ය පරීක්‍ෂණයකට ලක්කර ඇත. මෙම කොස්තාපල්වරයා කාලයක් තිස්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment