සමාජ සාධාරණත්වය කණපිට පෙරළන ජනපති විපක්‍ෂයට ඇරයුම් කරනවා – ජී. එල්. පීරිස්

43

සමාජ සාධාරණත්වය කණපිට හරවමින් ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වන ලෙස විපක්‍ෂයට ආරාධනා කරන බව නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (12 දා) පැවසීය.

ආණ්ඩුවේ නොහැකියාව විපක්‍ෂය මත පැටවීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වෙන්න යැයි ආරාධනා කරන බවද නිදහස් ජනතා සභා කාර්යාලයේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවැසීය.

රජයේ අසීමිත බදු ප්‍රතිපත්තිය නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටී ඇති බවත්, ගජ මිතුරු සමාගම්වලට බදු සහන, බදු විරාම ලබාදී මහජනතාව මත විශාල බදු බරක් දමා ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

ආණ්ඩුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සම්මත කරගත් මාර්ගගත පනත මගින් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගවල කිසිදු නීතිමය වලංගු භාවයක් නොමැති බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment