ආදරවන්තයන්ට නොමිලේ මංගල උළෙලක්

60

ආසියානු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව 25 වැනි හිරු සාංවත්සරික සැමරුමට සමගාමීව පස්වන වරටත් ඉදිරිපත් කරන වසරේ අති දැවැන්ත මංගල ප්‍රදර්ශනය මෙවරද පැවැත් වේ.

‘මංගලම්. මගින් මෙවර” මංගල සිහින දකින ආදරවන්ත යුවළ දෙකකට නොමිලයේ මංගල උත්සව දෙකක් තිළිණ කරන්නට හිරු සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම මස 18 වැනිදා කොළඹ ජයික් හිල්ටන් රෙසිඩන් පරිශ්‍රයේ සහ 24 වැනිදා වීරවිල ඩබල් ටී්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් හිදී පැවැත්වෙන මංගල ප්‍රදර්ශනයට සහභාගී වන

පෙම්වතුන් අතරින් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා යුවළ දෙකකට මෙම අවස්ථාව හිමි වේ.

ආදරවන්තයන්ට නොමිලේ මංගල උළෙලක්

මෙම ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්” මංගල කේක් නිර්මාණ ශිල්පීන්” මංගල පෝරු සහ මල් සැරසිලි නිර්මාකරුවන්” මංගල ආභරණ නිර්මාණකරුවන්” ඡායාරූප සහ වීඩියෝ ශිල්පීන්” අශ්ඨකකරුවන් සහ නර්තන ශිල්පීන් ආදී මංගල ක්‍ෂේත්‍රයට සමබන්ධ සේවා සපයන්නන් රැසක් සහබාගී වේ.

කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා යුවළ දෙක වෙනුවෙන් වෙන වෙනම කොළඹ ජයික් හිල්ටන් හිදී සහ වීරවිල ඩබල් ටී්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් හිදී 2023 නොවැම්බර් මාසයේදී මංගල උත්සව දෙකක් පැවැත්වීමටත් එම අවස්ථාවන් සජීවීව විකාශය කිරීමටත් හිරු සූදානමින් සිටී.

මේ වෙනුවෙන් පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනට හිරු වැඩසටහන් අධ්‍යක්‍ෂ විරාජ් වැලිවත්ත” හිරු ටීවී අලෙවි අධ්‍යක්‍ෂ ශෙනාස් පෙරේරා” කොළඹ හිල්ටන් රෙසිඩන්ස් සාමාන්‍යාධිකාරී කරීම් ෂන්ට්ලූ” ඩබල් ටී්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් සාමාන්‍යාධිකාරී රනිල් පෙරේරා යන මහත්වරු සහභාගී වූහ.

දිනේෂ්
ඡායාරූප තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment