මේ වසරේ සුරාසල් වසන දිනයන්

104

2024 වසරේ රටපුරා ක්‍රියාත්මක වන රජයේ බලපත්‍රලාභී මත්පැන් අලෙවි කරන සුරාසල් වසා තබන දිනයන් සුරාබදු කොමසාරිස් ජනරාල් ජේ. එම්. එස්. එන්. ජයසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ජනවාරි 25 බ්‍රහස්පතින්දා දුරුතු පුර පසළොස්වක පෝය දිනය, පෙබරවාරි 04 වැනිදා ඉරිදා නිදහස් දිනය, පෙබරවාරි 23 සිකුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය, මාර්තු 24 ඉරිදා මැදින් පුර පසළොස්වක පෝය දිනය, අප්‍රේල් 12 සිකුරාදා හා 13 සෙනසුරාදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දින දෙක, අප්‍රේල් 23 අඟහරුවාදා බක්පුර පසළොස්වක පෝය දිනය, මැයි 23 බ්‍රහස්පතින්දා සහ මැයි 24 සිකුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දින දෙක, ජුනි 21 සිකුරාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය, ජූලි 20 සෙනසුරාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය, අගෝස්තු 19 සඳුදා නිකිණි පුර පසළොස්වක පෝය දිනය, සැප්තැම්බර් 17 අඟහරුවාදා බිනර පුර පසළොස්වක පෝය දිනය, ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා ලෝක අමද්‍යප දිනය, ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා වප් පුර පසළොස්වක පෝය දිනය, නොවැම්බර් 15 සිකුරාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය, 2024 දෙසැම්බර් 14 සෙනසුරාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment