කෝච්චි ඇන්ජින් බලන්න ගිය අයට වියදම ඉන්දියාවෙන් – ඇමැති බන්දුල කියයි

90

ඉන්දීය ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන දුම්රිය එන්ජින් විස්ස පිළිබඳ සොයා බැලීමට ඉන්දියාවට ගිය ඉංජිනේරුවන් හා අදාළ නිලධාරීන් සඳහා සියලු වියදම් දරන්නේ ඉන්දීය ආණ්ඩුව විසින් යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ පිරිස සඳහා එක් අයකු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට වැය වූයේ ඇමරිකානු ඩොලර් අසූවක් බැගින් ඩොලර් හයසියයක් පමණකැයි ද ඇමැතිවරයා කීය.

ඉන්දියාවට ගිය දුම්රිය නිලධාරීන් හැටදෙනා එරටට ගියේ මීට වසර ගණනාවක සිට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ දුම්රිය මැදිරි එකසිය හැටක් ගෙනැවිත් තිබෙනවා. ඒ මැදිරිවල තිරිංග, විදුලිය ආදිය පිළිබඳ පුහුණුවක් ලබාදීමට එම පිරිස ගිය බවද ඇමැතිවරයා කීය.

නොමිලේ දුම්රිය එන්ජින් විස්සක් ලබාදී ගුවන් ටිකට් පත්, ගමන් වියදම්, ඉඳුම් හිටුම් සියල්ල එම ණය යෝජනා ක්‍රමයට අනුව ඉන්දීය ආණ්ඩුව දරන බවද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment