ගෑස් මිල ගෑස් නොපෙන්වයි

45

මාසික ගෑස් මිල සූත්‍රයට අනුව මෙවර ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට ලක් නොකරන බව එම සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් කෝටි 700ක ලාබයක් ලබා තිබීම හා ජනතාවගේ ආර්ථික තත්ත්වය සලකා බලා මෙම තීරණය ගනු ලැබූ බව ද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් මාසයේදී සිදුකළ සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4250ක් ලෙසත්, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1707ක් ලෙසත් කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 795ක් ලෙසත් මෙම මාසයෙත් ඒ අයුරින්ම පවතී.

සමාගම ලැබූ ලාභාංශවලින් රුපියල් බිලියන 1.5 (කෝටි 1500) ඉකුත් ජනවාරියේදී මහා භාණ්ඩාගාරයට ලබා දී ඇත. 2023 දී එම සමාගම මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් (කෝටි 300) ක් ද මහා භාණ්ඩාගාරයට ලබා දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment