ධනංජයගේ පිති හරඹයෙන් පණ ලැබූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට තර්ජනයක් වේ

455

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හය වටයේ තම පළමු තරගය ට ඊයේ සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායම පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට පන්දු වාර 25 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය.

ඒ අනුව නෙදර්ලන්තය ඒ වන විට කඩුලු 3ක් අතැතිව ශ්‍රී ලංකා ඉලක්කයට වඩා ලකුණු 77 ක් මෙපිටින් සිටියේය.

නෙදර්ලන්ත ඉනිමේ පළමු පන්දු වාර 25 අවසාන වන විට මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක් සහ ළහිරු කුමාර වනිඳු හසරංග සහ ඩිල්ශාන් මධුසංඛ එක් කඩුල්ල බැගින් දවා ගෙන තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 111 කින් ලකුණු 93 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත් වූයේය.

මෙම ලකුණු 93 ධනංජය ගේ ජගත් එක්දින තරග පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර මීට පෙර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 91කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ නෙදර්ලන්ත පන්දු යැවීම හමුවේ බිඳවැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලකුණු 34 දී ද, පස්වැනි කඩුල්ල ලකුණු 67 දී ද දැවී ගියේය.

ධනංජයගේ පිති හරඹයෙන් පණ ලැබූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට තර්ජනයක් වේ

තරගයේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලකුණු 0 වකට දවා ගැනීමට ලෝගන් වෑන් බීක් සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගිය අතර, සධීර සමරවික්‍රම ද එක ලකුණකට දැවී ගියේය.

චරිත් අසලංක ලකුණු දෙකකට දැවී ගිය අතර ලකුණු අතර සිටින දිමුත් කරුණාරත්න ලකුණු 33 ක් ලබා ගත්තේය.

නායක දසුන් ශානක ලකුණු 5 කට දැවී ගිය අතර ධනංජය ද සිල්වාට සහාය වෙමින් වනිඳු හසරංග ලකුණු 20 ක් ලබා ගත්තේය.

ධනංජය ද සිල්වා හා මහීෂ් තීක්ෂණ 8 වැනි කඩුල්ල සඳහා ලකුණු ගොඩනැඟූ සම්බන්ධතාවය ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනැඟූ අතර තීක්ෂණ ගේ ඊට දායකත්වය ලකුණු 28කි.

පන්දු යැවීමේ දී ලෝගන් වෑන් බීක් හා බැස් ඩී ලීඩ් කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

ලකුණු සාරාංශය

ධනංජය ද සිල්වා 93, මහීෂ් තීක්ෂණ 28, දිමුත් කරුණාරත්න 33, ලෝගන් වෑන් බීක් 26/3, බැස් ඩි ලීඩ් 42/3

advertistmentadvertistment
advertistmentadvertistment