ඉන්දියාවේ කපු සහ එළවළු ගොවීන්ගේ පිබිදීමක්

421

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ජල්නා දිස්ත්‍රික්කයේ ගොවීන් කපු සහ එළවළු වගාව වසර පහකට පසු යළිත් සාර්ථක ලෙස ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කරයි.දැඩි නියගය නිසා පීඩාවට පත්ව සිටි මෙහි ගොවීන්ට කාලගුණ විපර්යාස වලට ඔරොත්තු දෙන පරිදි නවීකරණය කළ බීජ ලබාදීමට ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගැනීම නිසා මෙම සාර්ථකත්වයට හේතු වී ඇත. 2018 වසරේ දී ලෝක බැංකුව විසින් මෙහි කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කළ වැඩ සටහන යටතේ මෙම සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වී තිබේ. මේ යටතේ ගොවි පවුල් 600කට වැඩි පිරිසක් ගොවිතැන් කටයුතුවල සාර්ථකත්ව යෙදෙන බව ද ඔවුනට අවශ්‍ය වාරි ජලය සහ ජල බින්දු තාක්ෂණය හිමිව ඇතැයි ද වාර්තා වේ. එසේම මෙහි වගා කටයුතු සඳහා අවශ්‍ය බීජ ලබාදීමට බීජ නිෂ්පාදනය කරන ඉන්දීය බීජ ආයතන හතක් ඉදිරිපත් වී ඇත. වසර විස්සකට පසු යළි උණ බම්බු ආවරණ තුළ එළවළු වගාව ආරම්භ කළ බව ප්‍රදේශයේ ගොවීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment