විගණන වාර්තා 27 කින් කුරුණෑගල නගර සභාවේ කුණු කන්දක් එළියට

784

5 ක්ම නගරාධිපතිගේ අයථා ක්‍රියා

විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කළ වාර්ෂික විගණනයකට අනුව විගණන වාර්තා විසිහතක් මගින් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හා නගර සභාව සිදු කළ මහා පරිමාණ හා අයථා ක්‍රියා රාශියක් අනාවරණය කර තිබේ.

මෙම විගණන වාර්තා විසිහත අතරින් වාර්තා පහකින් සෘජුවම අනාවරණය කර ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිදුකර ඇති දූෂිත අක්‍රමිකතාවන් ය.

නගරාධිපතිවරයා සම්බන්ධයෙන් වූ එම විගණන වාර්තා පහට අදාළව වූ විෂයගත කරුණු අනුව එහිදී නගර සභාවට රුපියල් කෝටි ගණනක මුදලක් අහිමි වී තිබේ.

කුරුණෑගල මහ නගර සභාවට අයත් වැව රවුමේ මහජන විනෝද සේවා හා කඩ කාමර ඉදිකිරීම, බස් නැවතුම්පළේ හිස් භූමියේ කඩ කාමර ඉදිකර බදු දීම, ස්කැවේටර් යන්ත්‍රය අලුත්වැඩියා නොකර එම යන්ත්‍රයක් කුළියට ලබා ගැනීම. මධ්‍යම වෙළෙඳ පොළ ඉදිකිරීම හා සායන මධ්‍යස්ථානය හා පෙර පාසල ඉදිකිරීමට අදාළ විගණන වාර්තා පහ මගින් මේ බව අනාවරණය කර ඇත.

එම එක් ඉදිකිරීමකදී කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවන ලද ලේඛනයේ ඉලක්කම් වෙනස් කර රුපියල් මිලියන පහක් වංචා කිරීමේ සිදුවීමක් ද මේ වන විට හෙළිදරව් වී ඇත.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්දෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් විශ්‍රාමික විනිසුරුවරයකු මගින් විශේෂ පරීක්‍ෂණයක් ද අරඹා තිබේ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment