ජනපති ඉන්දීය නිල සංචාරයක

183

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 21 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.ජනාධිපතිවරයා එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එක්වීමට නියමිතය.මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.එමෙන්ම ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරතවන පළමු අවස්ථාව මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment