රාජ්‍ය ඇමති ශෂේන්ද්‍ර සෙවණගල ඔප්පු බෙදාදීමට නොපැමිණෙයි

410

ප‍්‍රදේශවාසීන්ට ඔප්පු බෙදාදීමේ උත්සවයක් සඳහා රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්ෂ ඊයේ (01 දා) පෙරවරුවේ සහභාගී වීමට නියමිතව තිබුණු අතර රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇමැතිවරයාගේ පැමිණීමට විරෝධය පළකරමින් ජනතාව ප‍්‍රදේශයේ කලු කොඩි ප‍්‍රදර්ශනය කර තිබුණි.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමැතිවරයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඔහු එම ස්ථානයට නොපැමිණියේය.

රාජ්‍ය ඇමතිවරයා එම ස්ථානයට නොපැමිණියත් ඇමැතිවරයාට අයත් කිරිඉබ්බන්ආර ප‍්‍රදේශයේ නිවසක ඔහු සිටින බව දැන මාධ්‍යවේදීන් ඇමැතිවරයාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට එම නිවසට ගියද, ඇමති ආරක්ෂකයන් හරහා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේ ප‍්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

සූරියවැව – රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment