නිවැරදි දත්ත මත පර්යේෂණ කළා නම් මෙවැනි අර්බුදයක් රටේ නැහැ

229

ලක්ෂ්මන් කදීර්ගාමර් ආයතනයේ LKI විදේශ ප්‍රතිපත්ති සංසදය අරඹමින් විදේශ ඇමැති අලි සබ්රි කියයි

නිවැරදි දත්ත පදනම් කර ගත් පර්යේෂණ මත රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කළේ නම් අද රට මුහණපා තිබෙන අර්බුදය වළක්වා ගත හැකිව තිබූ බව විදේශ ඇමැති අලි සබ්රි මහතා පවසයි.

එහිලා නිවැරදි තීරණ ගැනීමට පර්යෙෂණ පැවැත්වීම, ලිපි ලේඛන සහිත විවෘත හා සංවෘත ප්‍රවේශයන් තුළ විවාද කිරීම ද ඇමැතිවරයා අවධාරණය කරයි.

දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා විසින් එදා ඇරඹූ LKI විදේශ ප්‍රතිපත්ති ආයතනයේදී එහි සංසදය දියත් කිරීමට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

ලක්ෂමන් කදීර්ගාමර් අමාත්‍යවරයාගේ ඝාතනයෙන් පසු 2006 වසරේදී ඔහු රටට කළ සේවයට ගෞරව දැක්වීම සඳහා එම ආයතනය නැවත නම් කරන ලද බවයි. ආයතනය හරහා ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමාගේ උරුමය ජීවමානව පවතින බවත්, ඔහුව සිහිපත් කිරීමේදී එක ලෙස උත්සාහයෙන්, උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීම වැදගත් බවත් ඔහු පැවසීය. සිදුකරන පර්යේෂණවල නිරවද්‍යතාවය, ස්වාධීනත්වය සහ අපක්‍ෂපාතීත්වය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීම සහතික කිරීමේදී LKI හි වැදගත්කම අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද අතර, එහි විශ්වසනීයත්වය පවත්වා ගැනීම පිණිස ස්වාධීන පර්යේෂණවල නියැළීම සඳහා LKI සතු මෙම වරප්‍රසාදය අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

පිළිගැනීමේ කතාව සිදු කළ LKI හි විධායක අධ්‍යක්ෂ තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා සඳහන් කළේ ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක ‘පොදු පදනමක්’ ගොඩනැගීම සහ ගැටලු සම්බන්ධයෙන් ‘ශ්‍රී ලාංකික ඉදිරි දර්ශනයක’ වර්ධනය කිරීම සඳහා නව වේදිකාවට දායක විය හැකි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment