යාපනයේ විරෝධතාවයකදී හිරුණිකා සිද්ධාර්ථන් පැටලෙති

837

ජනතාව පීඩාවට පත් කරමින් රජය කටයුතු කරන්නේ යැයි සඳහන් කරමින් යාපනය නගරයේ ඊයේ (01 දා* සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසකට උතුරේ දේශපාලන ක‍්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් මහතාගේ ආධාරකරුවන් විරෝධය පළ කිරීම හේතුවෙන් දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය යාපනය නගරයේදී විශාල පිරිසක් සමඟ උද්ඝෝෂණයක නිරත වෙමින් සිිටියදී ඒ අසලට තවත් පිරිසක් සමඟ පැමිණි අරුන් සිද්ධාර්ථන් මහතා එම උද්ඝෝෂණයට විරෝධය පළ කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. ඒ සමගම දෙපාර්ශ්වයේ පිරිස් අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.

පසුව පොලිසිය මැදිහත්වී අරුන් සිද්ධාර්ථන් මහතා ත‍්‍රිරෝද රථයක නංවා පිටත්කර හරිනු දැක ගත හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment