දඹකොළ පටුන සංඝමිත්තා විහාරය ආසන්නයේ මසුන් මැරීමට තහංචි

58

යාපනයේ, මාදගල් දඹකොළ පටුන සංඝමිත්තා විහාරය ආසන්න මුහුදේ මසුන් මැරීම නාවික හමුදාව තහනම් කොට තිබේ.

මීට වසර ගණනාවකට පෙර ද මෙම මුහුදු කලාපයේ මසුන් මැරීම නාවික හමුදාව විසින් තහනම් කොට තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනධිපතිවරයාව සිටි කාලයේ දී උතුරේ ධීවර සංවිධානවල ඉල්ලීමක් මත එම මුහුදු කලාපයේ මසුන් මැරීමට ධීවරයන්ට අවස්ථාව සලසා දී තිබේ. නමුත් නාවික හමුදාව මෑතක දී ගන්නා ලද තීරණයක් මත යළිත් එම මුහුදු කලාපයේ මසුන් මැරීම තහනම් කොට ඇත. ආගමික සිද්ධස්ථානයක් අසල මසුන් මැරීම යෝග්‍ය නොවීමත් පරිසරයට සිදු වන හානිය හා බලපෑම අවම කරගැනීමටත් නාවික හමුදාව මේ තීරණය ගෙන තිබේ. මෙම මුහුදු කලාපයේ මින් ඉදිරියට මසුන් මරනු ලැබුවහොත් එම ධීවරයන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා බව උතුරේ ධීවර සමිතිවලට නාවික හමුදාව දැනුම් දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment