ආසියානු අනුශූරියෝ දිවයිනට එති

93

චීනයේ හැංජෝ නුවර පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (28 දින) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය. මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව. මේ අවුරුද්ද අපට හොඳ වසරක්. අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා. ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා.

ආසියානු අනුශූරියෝ දිවයිනට එති

අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමටයි. අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොඳ මට්ටමක පවතිනවා. පිතිකරණයත් දියුණු කරල හදා ගන්න ඕනෑ. එමගින් අපිට ලෝක ශූරතාවය දිනා ගැනීමට පුළුවන් යැයි ඇය පැවසුවාය. මෙම කණ්ඩායම 09/28 දින රාත්‍රී 08.40 ට චීනයේ කුංමිං සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. – 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment