ඉන්දියාවේ උමඟක් කඩාවැටී සේවකයෝ 40 ක් සිරවෙති

194

ඉන්දියාවේ උත්තරාකාන්ඩ් ප්‍රාන්තයේ ඉදිකරමින් සිටි උමඟක් කඩාවැටීම නිසා සේවකයන් 40 දෙනකු සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සිරවී සිටින පිරිසට හානියක් සිදුව නැති අතර ආහාර හා ඔක්සිජන් සැපයීම බටයක් හරහා සිදුකෙරේ.

මෙම අනතුර ඉරිදා (12 දා) දිනයේ වාර්තා වී තිබේ.

අධිවේගී මාර්ගයක් වෙනුවෙන් මෙම උමඟේ කැණීම් සිදුවෙමින් පැවතිණ. මෙම උමඟේ පළල මීටර් 13 කි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment