ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 19 වැනිදා පකිස්තානයට

166

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල ලබන මැයි 19 වැනිදා එම තරගාවලි සඳහා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.

 2019 වසරෙන් පසු ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානය ද ආකෘති දෙකකින් යුත් තරගාවලියකට සහභාගි වන පළමු තරගාවලිය වන්නේ මැයි 25 වැනිදා සිට ජුනි 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය වේ. මෙම තරගාවලි සඳහා එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ.

 ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා මාධවී, ඉමේෂා දුලානි, ප්‍රසාදිනී වීරක්කොඩි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, සචිනි නිසංසලා, ඔෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී.

 අතිරේක ක්‍රීඩිකාවන් – කාව්‍යා කාවින්දි, රශ්මි ද සිල්වා, සත්‍යා සංදීපනී, මල්ශා ෂෙහානි, තාරිකා සෙව්වන්දි

advertistmentadvertistment
advertistmentadvertistment