රොනාල්ඩෝගෙන් ගෝල වාර්තාවක්

213

යුරෝ තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක‍්‍රීඩකයා ලෙස පෘතුගාලයේ ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඊයේ (16දා) වාර්තා පොත් අතරට එකතු වූවේය.

හංගේරියාව සමඟ හංගේරියාවේදී ඊයේ පැවැති තරගයේදී රොනාල්ඩෝ ගෝල 2 ක් වාර්තා කිරීමට සමත් වූ අතර සිය පළමු ගෝලය තරගයේ 87 වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමත් සමඟ රොනාල්ඩෝ අදාළ වාර්තාවට හිමිකම් කීවේය.
 
යුරෝ තරගාවලි ඉතිහාසයේ වැඩිම ගෝල ප‍්‍රමාණයක් රැුස් කළ ක‍්‍රීඩකයා ලෙස ප‍්‍රංශ ක‍්‍රීඩක මිචෙල් ෆ‍්‍රැන්කොයිස් තබා තිබූ ගෝල 9 වාර්තාව රොනාල්ඩෝ අතින් ඒ අනුව බිඳී ගියේය.
 
පෘතුගාල කණ්ඩායම මෙම තරගයේදී ගෝල 3-0 ක් ලෙස හංගේරියාව පරාජයට පත්කළ අතර යුරෝ 2020 පාපන්දු තරගාවලිය යටතේ මෙම තරගය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment