බිරිඳ අනියම් සැමියා හා එක්වී  තමන්ගේ සැමියා මරා වළ දාලා

1247

සිරුර ගොඩ ගැනේ – දෙදෙනා අත්අඩංගුවට

යාපනයේ මරදන්කේණී වෙත්තිලකර්නී ප්‍රදේශයේ කාන්තාවක සිය අනියම් සැමියා සමග එකතු වී ස්වාමියා මරා වළ දැමීමෙන් පසුව පොලිසිය කළ පරීක්ෂණවලදී 11 දා මළ සිරුර ගොඩ ගෙන තිබේ.

සිවඥානම් ශිවදාසන් නමැති 42 හැවිරිදි මෙම පුද්ගලයා අතුරුදන් වූ බවට මුලින්ම කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව මරදන්කේණී පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ කාන්තාව හා ඇගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණවලින් පසුව මරා වළ දමා තිබූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

මරදන්කේණී පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment