ලැබුශේන් වීරයා වෙමින් ඔස්ටේ්‍රලියාව ජය ගනියි

183

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඔස්ටේ්‍රලියාවේ පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම ඊයේ (04 වැනිදා) සමත් විය.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 498ක් ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට නියමිත වුවත් සියලු දෙනා දැවී ඔවුන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 333ක් පමණි.

කොදෙව් දෙවැනි ඉනිම සුනු විසුණු කළ දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් කඩුළු හයක් බිඳ දැමීය.

නායක ක්‍රේග් බ්‍රැත්වයිට් ලකුණු 110ක් කොදෙව්වන් වෙනුවෙන් රැස් කළ ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. හිටපු කොදෙව් ක්‍රීඩක ශිවනරින් චන්ද්‍රපෝල් ගේ පුතා වන ටැගනරීන් චන්ද්‍රපෝල්ගේ පළමු ටෙස්ට් තරගය එය විය. ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් සහ දෙවන ඉනිමේදී ශතකයක් ලැබූ මානස් ලැබුශේන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment