බලංගොඩ වතු සමාගමේ ඉඩම්වල මැණික් ගැරීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

32

බලංගොඩ ප්ලාන්ටේෂන් සමාගමට අයත් ඉඩම්වල මැණික් ගැරීමට නීති විරෝධී ලෙස ලබාදී ඇති බලපත්‍රය අනුව කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (11 දා) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වෙත තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

1995 වසරේදී 50 අවුරුදු බදු පදනම මත තම සමාගම විසින් ලබාගත් හෙක්ටයාර් 577 භූමිය තුළ මේ වනවිට ඉතා සාර්ථකව තේ රබර් ඇතුළු වගාවන් සාර්ථකව සිදු කර තිබියදීත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා විසින් නීල් ගුණවර්ධන නමැත්තෙකුට මැණික් ගැරීමට නීති විරෝධී ලෙස බලපත්‍රයක් ලබාදී ඇති බවත් එකී බලපත්‍රය ලබාගත් එම පුද්ගලයා බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් පසුගිය 7 වැනිදා සිට මේ දක්වා වගා බිම විනාශ කරන්නේ යැයි පෙන්වා දෙමින් බලංගොඩ ප්ලාන්ටේෂන් සමාගම ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය. එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විකුම් කළුආරච්චි යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. නීතිඥ හෆිල් පාරිස්, සැනන් තිලකරත්න, මල්දිනි හේරත්, ෂෙනාල් විජේසිංහ යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා පෙත්සම්කාර බලංගොඩ වැවිලි සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment