ඉන්දීය ද්විත්ව ශතක වැලේ ගිල් ද එල්ලෙයි

317

එක්දින ජාත්‍යන්තර තරගවල ද්විත්ව ශතක ආධිපත්‍යයට හිමිකම් කියන ඉන්දියාව තරග පහක් ඇතුළත දෙවෙනි ද්විත්ව ශතකය ද වාර්තා කිරීමට පෙරේදා (18 වැනිදා) සමත් වූයේය.

ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් නවසීලන්තයට එරෙහිව පෙරේදා එම ශතකය ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් ඊට තරග 4කට ඉහත දී එරට ආරම්භක පිතිකරු ඉශාන් කිශාන් ද ශතකයක් ලබාගෙන තිබුණි.

මෙම ද්විත්ව ශතකය පිතිකරුවෙකු ලබා ගත් වයසින් අඩුම ද්විත්ව ශතකය වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කී ඉශාන් කිශාන් එම ශතකය වාර්තා කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට එරෙහිව ය.

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක දහයක් මේ වන විට වාර්තා වී ඇති අතර ඉන් ද්විත්ව ශතක හතකට ම ඉන්දීය ක්‍රීඩකයෝ හිමිකම් කියති.

ඒ අතරින් රෝහිත් ශර්මා ද්විත්ව ශතක තුනක් ද, විරේන්ද්‍ර ශෙවාග් සහ සචින් ටෙන්ඩුල්කාර් එක් ද්විත්ව ශතකය බැගින් ද ලබා ගෙන සිටිති. සෙසු පිතිකරුවන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ක්‍රිස් ගේල්, නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල් සහ පාකිස්තානයේ ෆකාර් ශමාන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment