ඊශ්‍රායල් හමුදා, ගාසාහි අල් ෂිෆා රෝහලට කඩා වදී

513

හමාස් අන්තවාදීන් ඉලක්ක කරගෙන ගාසා තීරයේ, දැවැන්ත යුද මෙහෙයුමක යෙදී සිටින ඊශ්‍රායල හමුදා භටයන් ඉලක්කගත ප්‍රහාරයන් එල්ල කිරීමේ අරමුණින් ඊයේ ((15) එම තීරයේ තිබෙන විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහලට කඩා වැදී ඇති අතර රෝහල, අවට සිටි අන්තවාදින් පිරිසක් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අල් ෂිෆා රෝහලට කඩා වදින අවස්ථාවේදී රෝහල තුළ රෝගීන් පිරිසක් ද සිට ඇති අතර ඊශ්‍රායල හමුදා භටයන් රෝහලේ කාමරයෙන් කාමරයට ගොස් ඒවායේ සිටින රෝගීන් හා රෝහලේ නවාතැන් ගෙන සිටින පිරිස් ප්‍රශ්න කළ බව වාර්තා වී තිබේ. මෙම රෝහල අවට ඇති හමාස් ඉලක්කයන් වෙත පසුගිය දිනවල ඊශ්‍රායල් හමුදා විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කර තිබූ අතර දෙපාර්ශ්වය අතර සිදු වූ වෙඩි හා බෝම්බ ප්‍රහාර හුවමාරුව හේතුවෙන් රෝහලට ද හානි සිදුව තිබිණි. අල් ෂිෆා රෝහල තුළ හමාස් සංවිධානය විසින් මෙහෙයුම් හා පාලන මධ්‍යස්ථානයක් මෙන්ම උමගක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායලය විසින් දිගින් දිගටම චෝදනා කර සිටින අතර එම චෝදනා හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර ධවල මන්දිරය පවසා ඇත්තේ ගාසා තීරයේ රෝගීන් මෙන්ම ජනතාව ආරක්ෂා කරගත යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment