රුසියානු හමුදාවන්ගෙන් යුක්‍රේනයට මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාරයක්

668

රුසියානු හමුදාවන් විසින් ඊයේ (09දා) දිනයේ යුක්‍රේනයට එරෙහිව එල්ල කරන ලද මරාගෙන මැරෙන ‘කමිකාසේ’ වර්ගයේ ඩ්‍රෝන යානා ප්‍රහාරයන් හේතුවෙන් යුක්‍රේනය පුරා යුද අනතුරු අඟවන සයිරන් නලා හඬ නාද වී තිබේ. රුසියාව විසින් දෙවැනි සමයේදී ජර්මනියේ නාසි හමුදාවන් පරාජය කරමින් ලද ජයග්‍රහණය සමරන ‘වික්ටරි ඩේ’ දිනයට පෙර දිනයේ මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරය එල්ල කර තිබේ.

මේ අතර යුක්‍රේන හමුදාවන් සඳහන් කර ඇත්තේ රුසියානු ඩ්‍රෝන යානා මගින් එල්ල කරන ලද කෘස් මිසයිල 15ක් සාර්ථක ලෙස පහර දී හෙළුෑ බවයි. මෙම ප්‍රහාරවලින් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව ඊයේ දහවල් වන විටද වාර්තා වී නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment