ඉම්රාන් ඛාන් හමුදා අත්අඩංගුවට

419

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගයට පෙනී සිටීම සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී ඊයේ (09දා ) සවස හමුදා භටයන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු පකිස්ථාන අගමැතිවරයා නඩුවට පෙනී සිටීම සඳහා උසාවි භූමියට පිවිසෙනවාත් සමගම එහි පැමිණි සන්නද්ධ හමුදා භට කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ඉම්රාන් ඛාන් නායකත්වය දරණ ”‍පකිස්ථාන් ටෙහ්රික් -ඊ -ඉන්සාෆ් ”‍ පක්ෂය විසින් විදෙස් මාධ්‍යයන්ට පවසා තිබේ. මේ අතර ඉස්ලාමාබාද් නගරයේ ඉහළ පොලිස් නිලධාරියෙකු වන ආචාර්ය අක්බාර් නසීර් ඛාන් පවසා ඇත්තේ අල් කදීර් පදනම හා සම්බන්ධ නඩුවක චූදිතයා වශයෙන් ඛාන්ව අත්අඩංගුවට ගත් බවයි. පකිස්ථාන ජාතික ගිණුම් කාර්යංශය විසින් අදාළ නඩුව සම්බන්ධයෙන් ඛාන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් මැයි 01 වැනිදා වරෙන්තු නිකුත් කර තිබිණි. පකිස්ථානයේ හිටපු අගමැතිවරයා අත් අඩංගුවට ගැනීමට හමුදා භටයන් ඔහුව වට කළ අවස්ථාවේදී ඒ ආසන්නයේ සිටි ඔහුගේ නීතිවේදීන්ට වධ හිංසා සිදුවූ බවටද චෝදනා එල්ල වී තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවක් මගින් ඉකුත් වසරේ අප්‍රේල් මස 10 වැනිදා ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment