මෝචා යක්ෂයා වෙයිද? ඉන්දියාව සීරුවෙන්

744

බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින මෝචා සුළි කුණාටුව සිකුරාදා (12දා) වන විට ඉතා දරුණු කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් මේ වන විටත් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාලය ඇතුළු නැගෙනහිර ප්‍රාන්ත දැඩි සීරුවෙන් තබා ඇත.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව, මෝචා සුළි කුණාටුව ඊයේ දින පීඩන අවපාතයක් බවට පත්ව අද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත. මේ කුණාටුව සිකුරාදා දිනයේ බංග්ලාදේශය සහ මියන්මාර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෝචා යනු යේමනයේ වරාය නගරයකි. ඒ නමින් මේ සුළි කුණාටුව නම් තබා ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment