සෞඛ්‍ය වර්ජනය සතියකට නවතයි

72

වැටුප් වැඩිකරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (19 දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය දින 07ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය ඇමැතිවරයා විසින් කළ ලිඛිත ඉල්ලීමට වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ඒකාබද්ධව සකස් කරන ලද තාක්ෂණික වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාර ප්‍රමාදවීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබිණි. එහෙත් එම සාකච්ඡාවට අදාළ තීරණ ගන්නා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කටයුතු කිරීම මගින් විසඳුමකට යෑමට හැකි බවත්, ඒ සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ඇමැතිවරයා විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසත් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව කුමුදේශ් මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment