ලෝක වකුගඩු දිනය අද

85

ලෝක වකුගඩු දිනය අදට (14 දා) යෙදී ඇත. වකුගඩු රෝගය ගෝලීය සෞඛ්‍ය අභියෝගයක් වන අතර සෑම වසරකම ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවක් මෙම රෝගයෙන් මියයන බවට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක වකුගඩු විශේෂඥ සංජය හෙයියන්තුඩුව මහතා පවසයි.

දල වශයෙන් ගෝලීය ජනගහනයෙන් සියයට 10ක ප්‍රතිශතයක් දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් සංඛ්‍යාත්මකව එය මිලියන 850ක් පමණ බවත් ඒ මහතා කීය. ගෝලීය දත්ත අනුව ජනගහනයෙන් දීර්ඝකාලීන වකුගඩු රෝගීන් හඳුනාගෙන ඇත්තේ සෑම දසදෙනකුගෙන් එක් අයකු ලෙස පමණි.

ලංකාවේ ජනගහනය දෙස බැලීමේදී මෙම රෝගයෙන් සියයට 10ක් පමණ පෙළෙන බවත් 2020 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන අනුව එක්ලක්‍ෂ හැටහතර දහසක පමණ රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබූ බවත් හෙයියන්තුඩාව මහතා කීය. කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන් අනතුරුව මේ වනතෙක් හඳුනාගත් රෝගීන්ගේ වාර්තාවක් නැතැයි ද ඒ මහතා කීය.

මෙම ලෝක වකුගඩු දින සැමරුම සෑම වසරකම ශ්‍රී ලංකාවේදී ද පවත්වන අතර මෙවර තේමාව වී ඇත්තේ “සත්කාරය සහ ප්‍රශස්ත ඖෂධ භාවිතය සඳහා සමාන ප්‍රවේශය වැඩිදියුණු කිරීම” වේ. සැමරුම් උත්සවය අද (14 දා) දහවල් 1.00ට සෞඛ්‍ය ඇමැති වෛi රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.

මුත්‍රා පරීක්‍ෂණය (UFR) රුධිරයේ සිරම් ක්‍රියටිනින් පරීක්‍ෂාව (Serum Creatinine) මුත්‍රා මයික්‍රෝ ඇල්බියුමින් පරීක්‍ෂාව (Urine ACR) උදරයේ ස්කෑන් පරීක්‍ෂාව (USS KUB) සිදු කිරීම මගින් වකුගඩු රෝගය කල්තියා හඳුනාගෙන ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගත හැකි යැයි ද හෙයියන්තුඩාව මහතා තවදුරටත් පැවසීය.

මින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment