කාබනික පොහොර ව්‍යාපෘතියකට ඉඩම්  කොමිසමෙන් ගත් රු. බිලියන 2 යළි ගෙවා නෑ

180

රජය මගින් ආරම්භ කර අසාර්ථක වූ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති රුපියල් බිලියන 2 ක මුදලක් ආපසු එම කොමිසමට ගෙවා නැති බව ආරංචිමාර්ග පවසයි. එම මුදල ලබාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අරමුදලිනි.

 ඉකුත් වසරේ ජූනි මාසයේදී එවකට ඉඩම් ඇමැති වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කාබනික පොහොර ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් මුදාහරින බව සඳහන් කර ඇත. මෙසේ නිපදවන පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට අලෙවි කරන බවත්, එසේ ලැබෙන මුදල් මෙම කාබනික පොහොර ව්‍යාපෘතියේ අභිවෘද්ධිය සඳහා නැවත යොදවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද මේ වෙනුවෙන් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 700 ක් නොව රුපියල් මිලියන 2000 ක් හෙවත් රුපියල් බිලියන දෙකක් බව හෙළිවී තිබේ.

 මෙසේ මුදල් ලබා ගැනීම ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව දැනගන්නට තිබේ. එනම් කිසිදු ආකාරයක ලාභ ලබන ව්‍යාපෘතියක් සඳහා මුදල් යෙදවීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට තහනම්ය. එම කොමිසමට බලය ඇත්තේ එම කොමිසමට අදාළ කටයුතු සඳහා නියමිත ගෙවීම් භාර ගැනීමට පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment