මිල පාලනය ගිලී බඩු මිල පීනයි…. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කියයි

612

හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි කි‍්‍රයාත්මක වීම තුළින් සිදුවුණු භාණ්ඩ මිල පාලනය අහෝසි වීම නිසා වෙළෙඳුන්ට හිතුමතේ බඩු මිල ඉහළ දැමීමට ඉඩ ලැබී ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්. ඞී. එස්. පී. නිවුල්හැල්ල මහතා අප කළ විමසුමකදී ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසීය.

මිල පාලනය ඉවත් කර තිබෙන තත්ත්වය තුළ වැටලීම් කිරීම තේරුමක් නැතැයි ඔහු කීය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් පත්කිරීමෙන් පසු වෙළෙඳපොළ තුළ සඟවා තිබූ සීනි, පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක් වැටලීම් තුළින් අත්අඩංගුවට ගත් බවත්, අනතුරුව ඒවා සතොස හරහා අඩු මිලට අලෙවි කිරීමට පියවර ගත් බවත් නිවුල්හැල්ල මහතා කීය.

මිල පාලනයක් තිබේ නම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් බලතල යටතේ සඟවා තිබෙන භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ හැකි බවත් අනවශ්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් රජය නැවත සිතා බලා අවශ්‍ය පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment