කොළඹ සරසවි සිසුන්ට නව නිවාස සංකීර්ණයක්

185

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 180 කට පමණ නේවාසික පහසුකම් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස ඒකක 144 කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකර තිබේ.

කොළඹ නාරාහේන්පිට කාලිංග මාවතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් සිදුකළ මෙම මහල් සංකීර්ණය විශ්වවිද්‍යාලයට භාරදීම සඳහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ අධීක්‍ෂණයෙන් ඉදිකෙරුණු මෙම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800 කට පමණ නේවාසිකාගාර පහසුකම් සැපයේ. වර්ග අඩි 450 කින් සමන්විත මෙම එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වේ. මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්‍ෂ 60 ක් පමණ වන බව ඇමැතිවරයා කියා සිටී.

ඉදිරියේදී අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා ද මේ ආකාරයෙන් නේවාසිකාගාර ඉදිකිරීමට මූල්‍ය පහසුකම් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දුන් බවද කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment