නොරොච්චෝලේ විදුලිය දිගටම – මේ මාසය තුළ ගල් අඟුරු නැව් 4 ක් ගේනවා

78

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති කියයි

නොරොච්චෝලෙ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000 බැගින් නැව් 04 ක් මේ මාසය තුළ ගෙන්වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය. මේ අනුව බලාගාරය අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කරන බව ද ඒ මහතා කීය.

මීට පෙර ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 240 කට මිලදී ගත් බවත්, එම සමාගමෙන් ම මෙවර නැව් 04 මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 138 ක මුදලකට ගෙන්වන බවත් සුමනසේකර මහතා කීය. මීට පෙර ඩොලර් 240 කට ගත් ගල් අඟුරු සඳහා ගෙන්වා මාස හයකට පසු මුදල් ගෙවීම සිදුකිරීමේ කොන්දේසිය මත ගෙන්වනු ලැබූ බව ද ඒ මහතා කීය.

මෙම නැව් හතරට අමතරව තවත් ගල් අඟුරු නැව් 05 ක් මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 128 බැගින් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කර ඇතැයි ද සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment