වෛද්‍යවරිය ගංජා කිලෝ 15ක් එක්ක දැලේ

11127


තණමල්විල පොලිස් වසමට අයත් අඟු‍ණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ඉකුත් (11) වෙනිදා උදෑසන සිදුකළ වැටලීමකදී වෑන්රථයකින් ප්‍රවාහනයකරමින් තිබූ වියළි ගංජා කිලෝ 15 ග්‍රෑම් 450 සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගගෙන ඇත.
පොලිස් විශේෂ රාජකාරී මෙහෙයුමක නිරතව සිටි ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් තණමල්විල අඟු‍ණුකොළපැලැස්ස ප්‍රදේශයේදී හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබූ ක්‍ඡඡඨ 1523 දරණ වෑන්රථය පරීක්ෂාකිරීමේදී එහි තිබූ ගංජාතොගය සොයාගෙන තිබේ.
වෑන්රථයේ රියදුරු වන 33 හැවිරිදි සෙවනගල කිරිඉබ්බන්ආර පදිංචි තරුණයෙකු සහ ඔහුගේ ඥාති සහෝදරියක වන හම්බන්තොට මිරිජ්ජවිල පදිංචි 47 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවටගෙන ඇත.
සැකකාර කාන්තාව දේශීය වෛද්‍යවරියක බව පොලීසියට පවසා ඇති අතර ඇය විසින් හම්බන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයකට ගංජා තොගය රැගෙන් යන බව සඳහන්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment