ඇෆ්ගනිස්ථානයේ සිසුන් 77ක් විෂ ශරීරගත වීමෙන් රෝහලට

39

ඇෆ්ගනිස්ථානයේ ගම්මාන දෙකක පිහිටි පාසල් දෙකක ඉගෙනුම ලබන සිසු සිසුවියන් 77 දෙනෙකු හඳුනා නොගත් විෂක් ශරීරගත වීම හේතුවෙන් ඉකුත් සති අන්තයේදී රෝහල්ගත කර ඇති බව වාර් තා වේ. මෙසේ විෂ ශරීරගත වීමෙන් රෝහල්ගත කළ පිරිසෙන් වැඩි දෙනකු සිසුවියන් වන අතර රෝහල්ගත කළ පිරිසෙන් 14 දෙනකුගේ තත්ත්වය බරපතල වීම නිසා ඔවුන් පහසුකම් ඇති රෝහලක් වෙත ප්‍රවාහනය කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ‘සර් -ඊ -පුල්’ පළාතේ ගම්මාන දෙකක පිහිටි පාසල් දෙකක සිසු සිසුවියන් පිරිසකට මෙසේ විෂ කිසියම් පුද්ගලයකු පිරිසක් විසින් ශරීරගත කර ඇති බව පොලිස් බලධාරීහු පවසති. මෙසේ විෂ ශරීරගත වූ සිසු සිසුවියන් කරකැවිල්ල, ඔක්කාරය හා හිසරදය වැනි රෝග ලක්ෂණ පාසලේදී පෙන්නුම් කිරීම නිසා රෝහල්ගත කර තිබේ. මෙම විෂ ශරීරගත කිරීම සිදු කළ පුද්ගලයා ඔහුගේ චේතනාව හා විෂ ශරීරගත කිරීම සඳහා යොදාගත් විෂ වර්ගය මෙතෙක් හඳුනාගෙන නොමැති බව ඇෆ්ගන් පොලිසිය පවසයි. මෙම සිදුවීම පිළිබඳව ඇෆ්ගන් පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් අරඹා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment