චීනයෙන් තායිවානයට බලපෑම්

156

චීනය තායිවානයට අයත් මට්සු දූපත් හි ඇති අන්තර්ජාල රැහැන් වලට හානි සිදු කරන බව චෝදනා එල්ල වී ඇත.මට්සු දූපත් හි ඇති අන්තර් ජාල රැහැන් චීන ධීවර බෝට්ටු සහ භාණ්ඩ ප්‍රවාහන නැව් වලට හසුවී හානියට ලක්වීම අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පසුගිය වසර 05ක කාලය තුළ 27ක් වරක් මෙම රැහැන් හානියට පත්ව තිබේ.පසුගියදා හානියට ලක්වූ අන්තර්ජාල රැහැන් දෙකක් යළි සකස් කිරීම සඳහා අප්‍රේල් මාසය දක්වා බලා සිටීමට සිදුව ඇත.මෙවැනි රැහැන් අලුත් වැඩියාව ජාත්‍යන්තර නාවික යාත්‍රා පහසුකම් එතෙක් ලබා ගැනීමට නොහැකිවීම මේ සදහා බලපාන තිබේ.මට්සු දූපත හි ගමන් කරන වෙනත් යාත්‍රා වලින් මෙවැනි හානි සිදු නොවීම නිසා මෙය චීනය තායිවානයට සිදුකරන බලපෑමක් ලෙස තායිවානය සලකයි.පසුගි 2022 වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු කථානායක නැන්සි පිලෝස් තායිවානයේ කට සංචාරයෙන් පසු මෙම තත්ත්වය වැඩිවී ඇතැයිද සදහන් කරයි.මෙලෙස අන්තර් ජාල රැහැන් හානියට ලක්වීම නිසා මට්සු දූපතේ සංචාරක කටයුතු වලට බලපෑම් එල්ල වී ඇත.ඉන් සංචාරක කර්මාන්තය හරි අඩකින් පමණ පහත වැටී ඇතැයි ද සදහන් කරයි.තායිවාන දුරකථන සමාගම මගින් දුරකථන පහසුකම් ලබා දුන්නද එය ප්‍රමාණවත් නැතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment