වසර 20කට පසු සිංගප්පූරුව මරණ දඬුවම දෙයි

760

වසර විස්සක පමණ කාලයකට පසු සිංගප්පූරුව ප්‍රථම වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව 2018 වසරේ දී හෙරොයින් ග්‍රෑම් 30 ක් (අවුන්ස 1.06) ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන වරදකරු වූ 45 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක වන සාරිදේවි ඩිජාමනිට මෙසේ මරණ දණ්ඩනය ලබා දීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. ඇය 2004 වසරේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ සිංගප්පූරු ජාතික කාන්තාවක වූ යෙන් මේ වොයෙන්ගෙන් පසු මරණ දණ්ඩනය හිමි වන එරට ප්‍රථම කාන්තාව වේ. සාරිදේවි ඉස්ලාමීය රාමසාන් උපවාස මාසය තුළ සිය පෞද්ගලික පරිහරණය උදෙසා හෙරොයින් මත්ද්‍රව්‍ය ගබඩා කර තබාගත් බවට අධිකරණය හමුවේ පිළිගෙන තිබේ. මේ අතර සිංගප්පූරුව මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හෙළා දකිමින් එංගලන්ත ජාතික කෝටිපතියකු වන රිචඩ් බ්‍රැන්සන් පවසා ඇත්තේ මරණ දඬුවම අපරාධ අධෛර්යට පත් නොකරන බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment