ලෝරන්ස් මාදිවල අභාවප්‍රාප්ත වෙයි

89

හිටපු බස්නාහිර පළාත් වැඩබලන මහ අමාත්‍ය හා විවිධ අමාත්‍ය ධුරයන් ගණනාවක්ම හෙබවූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ වත්තල – හැඳල ලෝරන්ස් මාදිවල මහතා (අවුරුදු 83) අභාවප්‍රාප්ත විය.

හැටපස් වසරක දේශපාලන ජීවිතය ආරම්භ කරමින් හැඳල සුළු නගර සභා මන්ත්‍රී හා සභාපති, වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෙස කටයුතු කළ ඒ මහතා පළමු පළාත් සභා මැතිවරණයෙන් ජය ලබා අමාත්‍යවරයකු බවට පත්විය.

අවසන් පළාත් සභා වාරය හැර මන්ත්‍රී, අමාත්‍ය හා වැඩබලන අමාත්‍ය ධුරයන්ද හොබවා ඇත.

කිතුණු බැතිමතෙකු වූ ඒ මහතා නායකකන්ද මීසමේ ක්‍රිස්තු රාජ සමිති ආරම්භක සාමාජිකයකු මෙන්ම සභාපතිවරයකු ලෙසත්, හැඳල ගම්පියසේ විවිධ ආගමික හා සමාජ සේවා සංවිධාන රැසකම විවිධ සේවාවන් ඉටුකර ඇත.

පුවත් පත් ආයතන හා ජනමාධ්‍යවේදීන් සමග යහපත් සබඳතා පැවැත්වූ දේශපාලන හා සමාජ සේවකයෙක් බවටද ප්‍රකට විය.

මාදිවල මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා 12 දින අඟහරුවාදා සහ 13 දින බදාදා බොරැල්ල බානි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු බදාදා (13දා) දා පස්වරු 3.00 ට වත්තල – හැඳල, නායකකන්ද කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

හැඳල – ජේ. ස්ටැන්ලි පයස්

advertistmentadvertistment
advertistmentadvertistment