උඩවලවත් පිටාර මට්ටමේ

209

උඩවලව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමකට පත්ව ඇති හෙයින් ජලාශයෙහි වාන් දොරටු තුනක් විවෘත කිරීමට පියවර ගත් බව මහවැලි අධිකාරියේ ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවැසීය.

ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කිරීම හේතුවෙන් ඝණ අඩි හය දහස් නවසිය හැටක ජල ධාරිතාවක් වලවේ ගඟට මුදා හැරෙන් බවද පැවැසූ වාරිමාර්ග ඉංජිනේරුවරයා මේවන විට වලවේ ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද සඳහන් කළේය.

වලව ගඟ පහළ නිම්නයේ වෙසෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටද ඔහු මහජනතාවට දන්වා සිටියි.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment