විදෙස් චොකලට් අලෙවි කළ මහරගම වෙළෙඳසලක් වටලයි

100

විදෙස් රටවලින් ආනයනය කරන ලද චොකලට් තොගයක් එහි ඇතුළත් කළයුතු තොරතුරු නොමැතිව අලෙවි කරමින් තිබූ මහරගම ප්‍රදේශයේ අලෙවි සලක් පාරිභෝගික අධිකාරියේ විමර්ශන හා වැටලීම් ඒකකයේ නිලධාරීන් කඩායමක් විසින් ඊයේ (20දා) වටලා ඇත.

විදෙස් රටවලින් චොකලට් ගෙන්වා මෙරට අලෙවි කිරීමේදී ඒවා ගෙන්වන ලද පුද්ගලයාගේ තොරතුරු සහ පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ඇතිව මිල නියම කිරීම වැනි කාර්යයන් කිහිපයක් ඉටුකළ යුතුව ඇතත් එම තොරතුරු ඇතුළත් නොකරන චොකලට් අලෙවි කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත. විමර්ශනයේදී අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන් භාරයට ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment