අධිකරණ වෛද්‍ය නිලධාරිට භාරදුන් කුඩු සැකකරු ජනේලයෙන් පැන ගිහින්

124

යුක්තිය මෙහෙයුම යටතේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අධිකරණ වෛද්‍යවරයාට යොමු කළ මොහොතේ වෛද්‍යවරයාගේ සහ පොලිසියේ ඇස් වසා සැකකරු ජනේලයකින් පැනයෑමේ සිද්ධියක් පිළිබඳව දුම්මලසූරිය පොලිසිය ඊයේ (17දා) විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළේය.

මෙම සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කළ මොහොතේ වෛද්‍යවරයා එම කාමරයෙන් පොලිස් නිලධාරීන් ඉවත්කර ඇත.

මේ මොහොතේ සැකකරුගේ මාංචු ගලවා කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා මෙසේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. මේ මොහොතේ අධිකරණ වෛද්‍යවරයාගේ ඇස්වසා සැකකරු මෙසේ පැනයෑම අභිරහසක් යැයි විමර්ශනවල යෙදී සිටින පොලිස් නිලධාරීන් දිවයිනට කීවේය.

මෙම සැකකරු මත්කුඩු සහ හෙරොයින් ග්‍රෑම් දෙකක් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ කාමරයේ හෙද සේවකයෝද පවා සිටියදී සැකකරු මෙසේ පලායෑම නිසා මත්ද්‍රව්‍ය ජාලයේ හෙළිවිය යුතු තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට අසීරු වූ බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment