කවරහුද දෙවියන්….

123

පසුගිය සතියෙන්…

යමෙකු මුදිතා භාවනාව දියුණුකර ගත් මුදිතා ධ්‍යාන සිතින් මියගිය හොත් ඔහු සුභකිණ්හ බඹලොව උපදින අතර, එහි පරමායුෂ කල්ප හතරකි. එහිදී මුදිතාව දියුණුකොට, සිව්සස් අවබෝධකොට පිරිනිවීමට පත්වන අයුරු දක්වා තිබේ.

යමෙකු උපේක්කා භාවනාව දියුණුකොට උපේක්ඛා ධ්‍යාන සිතින් මියගියහොත් ඔහු වේහප්ඵල බඹලොව උපදින බවතත් එහි පරමායුෂ කල්ප පන්සියයක් බවත් දැක්වේ. උපේක්ඛාව දියුණුකොට සිව්සස් අවබෝධයෙන් එහිදීම පිරිනිවන්පානා බව දැක්වේ.

දෙව්ලොව උපත ලැබීමට ගුණධර්ම දියුණු ුකිරීම අත්‍යවශ්‍යමයය. දෙව්ලොව උපතක් ලබන්නට වර්ධනය කරගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබේ.

  • ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පංචවිධ ධර්ම මනාව වර්ධනය කිරීම.
  • මෛත්‍රී කිරීම * කරුණාව දැක්වීම * මුදිතාව දියුණු කිරීම හා ඊර්ෂ්‍යාව දුරු කිරීම.
  • ඉවසීම දියුණු කිරීම * පරිත්‍යාගය පුරුදු කිරීම.
  • වැඩිහිටියන්ට සැලකීම, ගරු කිරීම, වන්දනා මාන කිරීම.
  • වැව් පොකුණු පිරිසිදු කිරීම, * මාර්ග සකස් කරදීම.
  • මංමාවත් පිළිසකර කිරීම * ළිං පොකුණු තැනීම. * පදිය යුත්තන් පිදීම.
  • සියලු යහපත් වූ ගුණධර්ම දියුණු කිරීම.

දෙව්ලොව අධිපති බව ලබන්නටද දියුණු කළයුතු ගුණධර්ම රැසක් තිබේ. ඒ අතර “සප්තව්‍රතපද සමාදානය” ඉතා වැදගත් වේ.

  1. දිවි හිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම.
  2. දිවි හිමියෙන් කුල දෙටුවන් පිදීම.
  3. දිවි හිමියෙන් මිහිරි වචන කතා කිරීම.
  4. දිවි හිමියෙන් කේලම් බස් නොකීම.
  5. දිවි හිමියෙන් පරිත්‍යාගශීලී වීම.
  6. දිවි හිමියෙන් සත්‍ය කථා කිරීම.
  7. දිවි හිමියෙන් ක්‍රෝධ නොකරන්නකු වීම.

දෙවිවරු අල්පේශාක්‍ය දෙවිවරු, මහේශාක්‍ය දෙවිවරු යයි කරන ලද පිංකම්වල විපාක විඳීම වශයෙන්, සැප අඩු, සැප වැඩි, දිව්‍ය සම්පත් විඳිති. එසේම සම්‍ය දෘෂ්ඨික දෙවිවරුය, මිත්‍යා දෘෂ්ටික දෙවිවරුය, කියා ධර්මයට කැමැති ධර්මයට අකමැති දෙවිවරුද වෙති.

බොහෝ දෙවිවරු මිනිසුන්ට ප්‍රියය. දැහැමිව ජීවත්වන, තෙරුවන් සරණ ගිය, සිල්පද රකින, පිංකම් කරන, ධර්මයෙන් අඹු දරුවන් පෝෂණය කරන යම් මිනිසෙකු ලෝකයේ කොතැනක වාසය කළත් දෙවිවරු ඔහුව රකින්නේය. ආශිර්වාද කරන්නේය. නමස්කාරද කරන්නේය. ගුණධර්ම රකින මිනිසාම දෙව්ලොව දෙවියන් වන්නේය. එම දෙවියන්ම ගුණධර්ම රකින මිනිසුන් මනුෂ්‍ය ලෝකයේදී ආරක්ෂා කරන්නේය.

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment